කාලෙ දැන් හරි


රිදුම් දෙන මතක ගොඩ අරන්
තැවෙන්නද මං යළි යළිත්
නුඹට දෙව් සැප උරුම නම්
කිම අකැප ඒ මට ඉතින්

කොපුලතේ ඇති කඳුලු සළකුණු
මකා දමනට වෙලාවයි මතු
සිනා රැල්ලක මිහිරි සළකුණු
ඇඳීමට කාලයයි මින්මතු

මල බැඳී තිබු නිහඬ සිතුවිලි
ඔප දමා දැන් සිනා මල් රැලි
පා තබන්නට කාලෙ දැන් හරි
සුබ ගමන් මා සබඳ පවසමි

උත්පලා වීරසිංහ..    


Comments